අප ගැන
බුදු දහම ව්‍යාප්ත වූ රටවල් අතර ශ්‍රී ලාංකේය භික්ෂු චරිතය තරම් සමාජ සංස්කෘතියක් බිහි කරලීමට හා සමාජය ශිෂ්ඨාචාරවත් කිරීමට බලපෑම් කළ වෙනත් දෙයක් නැත.
බුදු දහමේ උන්නතිය හා සමාජයට මගපෙන්වීම අඛණ්ඩව සිදුවෙමින් පැවතියේ භික්ෂූන් වහන්සේගේ ඒ මහා කාර්යභාරය මතය.
රජ දරුවාගේ පටන් ගොවියා දක්වා පන්සලෙන් ශිල්ප ලැබූ අතර සමාජ සංවිධායකයා භික්ෂුව විය.
නමුත් අප රටට එල්ල වූ විදේශ ආක්‍රමණ හමුවේ බිඳවැටුණ ඒ ශික්ෂිත සමාජ ක්‍රමය භික්ෂුවගේ පැවැත්මට පවා බලපෑම් ඇතිකර වූ බව ඉතිහාසය පිරික්සීමෙන් පෙනී යයි.
සමාජ නියමුවන් ලෙස භික්ෂුවගේ අධ්‍යාපනය හා මානසික රැකවරණය බිඳ වැටුණ කළ එය සමස්ත සමාජයට ම බලපෑම් ඇතිකරලනු ලබයි.
චිත්තාභිරක්ඛණා වැඩසටහනෙහි පරමාර්ථය නම් විවිධ පැතිකඩවල් වලින් අනාරක්ෂිත වන භික්ෂූන් වහන්සේලාට රැකවරණයක් සැලසීමයි. චිත්තාභිරක්ඛණා මගින් ගෞරවණීය ඔබ වහන්සේලාට විවිධ මානසික සහනය සඳහා උපදේශනයන් ලබාගැනීමට හැකිය.
පෞද්ගලික අනන්‍යතාවයන් හෙළි නොවීම නිසා ඕනෑම ගැටලුවක් පිළිබඳව විවෘතව සාකච්ඡා කළහැකි අතර සුදුසුකම් ලත් පුද්ගලයන් හරහා හා ධර්මානුකූලව උපදේශනයන් සිදු කරනු ලබයි.
සමාජයට විවෘතව කතා කළ නොහැකි ඕනෑම ගැටලුවක් සඳහා ඇහුන්කම් දීමටත් එයට විසඳුම් ලබාදෙමින් ඔබ වහන්සේලාගේ ගමන්මගට රුකුලක් සපයන්නට ද අප කටයුතු කරමු.
නීතිමය ගැටලු පැනනැගී ඇති තැන්වල ඒ සඳහා නීති උපදෙස් ලබා දීමට අප කටයුතු කරනු ලබන අතර ඒ සඳහා සහයෝගය ලබාදිය යුතු තැන් තෝරාගෙන සහයෝගය ලබාදීමටද කටයුතු කරමු.
දහම් කරුණු හා භාවනාව සම්බන්ධයෙන් ඇතිවන ගැටලු සඳහා පිළිතුරු සැපයීමටද කටයුතු කරමු.
මේ සියලු දෑ මගින් පින්වත් ඔබ වහන්සේලාගේ උතුම් පැවිද්ද නොසිස් වූවක් ලෙස උතුම් සාමඤ්ඤඵල ලබා සසුනටත් සමාජයටත් නිවැරදිව මගපෙන්වීමක් පමණක්ම අප බලාපොරොත්තු වෙමු. ඔබ වහන්සේලාගේ නිවීම සැනසීම සමස්ත සමාජයේ නිවීම හා සැනසීමයි. ඔබ වහන්සේලාගේ ආරක්ෂාව සමාජයේ ආරක්ෂාවයි.