Home

ප්‍රිය වූවන් නිසා භය උපදී

“සිතට වහලෙක්ව මේ එන සංසාරයේ ප්‍රමාණ කළ නොහැකි දුක් අනුභව කළ බව
සිහියේ තබාගෙන කටයුතු කරන්න.”

“අරුණෝදය හිරු උදාවේ පූර්ව නිමිත්ත වන්නේ යම්සේද යෝනිසෝමනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම නූපන් මාර්ගයේ ඉපැද්මට පූර්ව හේතුවයි.”

“පස් තැවැරුණු පක්ෂියෙක් (පියාපත්) සොලවමින් ශරීරයේ ඇලුණු දූවිලි යම්සේ ඉවත හරින්නේද එසේම කෙලෙසුන් තැවීමේ වීර්‍ය ඇති සිහි ඇති මහණ තෙම ඇලුනු (කෙලෙස්) ධූලි ඉවත හෙළයි.”

අනන්‍යතාව සහිතව වට්සැප් ඔස්සේ උපදේශනයට යොමුවන්න

දරන්නට අපහසු සිවුරේ බර දරාගෙන පෙර කරපු මහ පිනකට පැවිදිව
ලෝකයට නොදැනෙන බොහෝ දුක් උසුලන පින්වතුන් වහන්සේලාගේ
සිතට සැනසුමක් ලබාදෙනු වස් අපේ මේ පුන්චි වෑයම.

අපගේ සේවාවන්

වර්තමානය වන විට බුද්ධසාසනයට හා භික්ෂූන්
වහන්සේලාට ඇතිවන විවිධ ආකාරයේ ගැටලුකාරී
තත්වයන්වලදී බුද්ධ සාසනයේ චිරපැවැත්ම හා භික්ෂූන්
වහන්සේලාට රැකවරණයක් සලසනු වස්

නූතනය වන විට බුද්ධසාසනයට හා භික්ෂූන්
වහන්සේලාට ඇතිවන විවිධ ආකාරයේ ගැටලුකාරී
තත්වයන්වලදී බුද්ධ සාසනයේ චිරපැවැත්ම හා භික්ෂූන්
වහන්සේලාට රැකවරණයක් සලසනු වස්

උපදේශනය.
x5
සමාජයට ප්‍රකාශකළ නොහැකි ඕනෑම ගැටලුවක්
අප වෙත ඉදිරිපත් කරන්න. අපි ඔබ වහන්සේට ඇහුන්කම් දෙමු.
⁠නීති උපදෙස්.
x3
අධිකරණ හෝ නීතිමය ගැටලු
සඳහා නීති උපදෙස් ලබා ගැනීමට අපගේ නීති අංශය සමග සම්බන්ධ වන්න
සාසන චිරස්ථිතිය
x2
විහාරස්ථාන හා භික්ෂූන්
වහන්සේලාට විවිධ පාර්ශ්වයන් මගින් ඇතිවන අර්බුධ පිළිබඳව අප දැනුවත් කරන්න.
විනය විසඳුම්
x1
භික්ෂු විනය තුළ හික්මෙන ඔබ වහන්සේලාට ඇතිවන විවිධ විනය ගැටලු විනය නය තුළ විසඳා ගැනීමට පිවිසෙන්න

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධසාසනං

දසබල සෙලින් හටගත් නිවන් මහසමුදුර කෙළවරකොට ඇති
අටැඟිමඟ සිලිල ඇති බුදුවදන් ගඟ දිගු කලක් මුළුල්ලෙහි ගලා බසීවා..